Sudu Neluma by Rasanga Dissanayake

‘සුදු නෙළුම කෝ’ ගීතය සහ ජායාරූපය

සුදු නෙළුම ගීතය ඔබ අසා ඇති. දැක නැත්තේ ඡායාරූපයයි. සුදු නෙළුම ගැන බොහෝමයක් කතා මා සතුව ඇතත්, කතාවක් දෙකක් පමණක් සඳහන් කර (පුදුම කතාය) මම එහි ඡායාරූපය වෙතට කැඳවාගෙන යන්නම්.
රසංග දිසානායක යන්ගේ සුදු නෙළුම ඡායාරූපය දැක මා ලත් විශ්මයට ප්‍රතිපක්‍ෂවූ කම්පනයක් ඔබට ලබාදීමට කතාව අරඹමි. ඔබට මෙන්ම තවත් පිරිසකට මෙම ඡායාරූපය පෙන්වීමට අවශ්‍ය විය. මගෙ කතාවේ ආරම්භය ලෙස ඔබ මෙම ගීතය අසා ඇති නේදැයි මම පිරිසෙන් ඇසුවෙමි. අසා නැති තරුණියක් හමුවිය.ඈ වයඹ පළාතේ සිංහල තරුණියකි. තවමත් ඔබ පුදුමට පත් වූයේ නැති බව දනිමි. ඈ සංගීත විශාරද උපාධිය හිමිකරගත් තැනැත්තියකි.
එසේ නම් ඔබ අතරද ගීතය නෑසු අයෙක් සිටිය හැකිය. යූ ටියුබයට ගොස් Amaradewa/Sudu Neluma ඇතුළත් කර බලන්න. අනතුරුව යූ ටියුබයේ ඊළඟම ඇති රත්න ශ්‍රී ගේ ගීතයේ පසුබිම් කතාව අසන්න. දැන් ඔබ ඡායාරූපය නැරඹ්මට සුදුස්සෙකු වේ.

මේ නිර්මාණය ගැන තවත් කතාවක් කියන්නම්. ඔහු එතැන සිටි තරුණයෙකි. මේ ඡායාරූපය විශ්වාස කළ නොහැකි යයි ඔහු කීවේය. ඔහු ප්‍රශ්න කළේ රසංග දිසානායක දිය යට ඡායාරූපය ගත හැකි කැමරාවක්ද ගෙන එවේලේ එතැන සිටියේ ද? යන්නයි.

අපේ ඡායාරූප ඉගැන්වීම් වලදී රසවත් කවි, ගීත හා වෙනස් නිර්මාණද සාකච්ඡාවට භාජනය කරන්නෙමි. මේවා ඡායාරූපයට හසුකර ගත් හැකි දැයි විමසමි. සමහරුන් ඡායාරූප රැගෙන ආවෝය.
නමුත් දිනක මහනුවර රසංග දිසානායකයන් රැගෙන ආවේ පන්තියේදී සඳහන් කළ දෙයක් නොවේ. එක්වර හදිසියේම මතුවූ මෙම ඡායාරූපය දැක, මම විශ්මයට පත්වීමි. එය මගේ ඡායාරූප එකතුවට එක්කර ගත්තෙමි.
රත්න ශ්‍රී මේ ඡායාරූපය දැක දුරකථනයෙන් රසංගට සුභ පැතුවේ “රසංග උඹ නම්, යකෙක්” කියාය. (මේ ඒ ඡායාරූපයයි).

 

Photograph by Rasanga Dissanayake