Classes


Information for September 2019 Class


38/20, 3 වන පටුමග, බැද්දගාන පාර,
බැද්දගාන, පිටකෝට්ටේ.

077 7 323614
[email protected]
www.theschoolofphotography.org


ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාව


පාඨමාලාවේ අඩංගුවන මූලික අංග


මීළඟ පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවාගැනීම

2020 ජනවාරි 05 වැනි ඉරිදා දින සිදු කෙරේ.


  1. පාඨමාලාවට ඇතුළත්වන්නේ නම් ජනවාරි 05 වෙනි ඉරිදා පැවැත්වෙන ආරම්භක පන්තියට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුය. එදින උදේ 8.15 ට අසුන්ගෙන සිටින්න. පාඨමාලාවට ලියාපදිංචි කරගනු ලබන්නේ ඒ පිළිබඳව කෙරෙන සවිස්තරාත්මක පැහැදිලි කිරීමකින් පසුවය.
  2. පාඨමාලා ගාස්තුව රු. 28,000 කි. ඇතුලත්වීමේ දී රු. 14,000ක් ගෙවා ඉතිරිය 8,000, 4,000, 2,000ක් ලෙස කොටස් හතරකින් නියමිත මාසයේ පළමුවැනි ඉරිදා ගෙවිය යුතුය. එකවර ගෙවන්නේ නම් රු. 25,000 කි.
  3. පාඨමාලාව දේශන, සාකච්ඡා, ඡායාරූප ප‍්‍රක්ෂේපණ, ඡායාරූප රසවිඳීම්, ශිෂ්‍යයන්ගේ ඡායාරූප ඇගයීම, පිළිතුරු සැපයීම්වලින් සමන්විත වාර 16 කින් යුක්ත වේ. පාඨමාලාවේ සියලූ කරුණු පිළිබඳ පාඨමාලාව ආරම්භයේදී සම්පූර්ණ විස්තර ඉදිරිපත් කරනු ඇත.
  4. පාඨමාලාව අතරතුර දී ප‍්‍රායෝගික පැවරුම් 60ක් ශිෂ්‍යයන් විසින් ඉටු කළ යුතුය.
  5. පාඨමාලාවේ සාමාන්‍ය සහතිකය සඳහා ඉහත සඳහන් පැවරුම් 60 ඉටුකර එහි මෘදු පිටපත පස්වැනි මාසයේදී සංගත තැටියක ඉදිරිපත් කළ යුතු අතර ඒවා ප‍්‍රශස්ත මට්ටමක තිබිය යුතුය. සහතිකය පිරිනමනු ලබන්නේ එම ඡායාරූප හා ශිෂ්‍යයන් සමඟ කරන සම්මුඛ සාකාච්වඡාකින් පසුවය.
  6. ඩිප්ලෝමා සහතිකය පිරිනමනු ලබන්නේ පාඨමාලාව අවසන් කර ඉදිරිපත් කරන ප‍්‍රදර්ශන මට්ටමේ ඡායාරූප 25ක් වෙනුවෙනි. ඉදිරිපත් කරන ඡායාරූප අවශ්‍ය තත්වයට වැඩිදියුණු කරගැනීම සඳහා (මාස 6ක් තුළ) නොමිලයේ පුද්ගලිකව ඉගැන්වේ.
  7. ඩිජිටල් DSLR කැමරාවක් සතුවීම පාඨමාලාවෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීම පහසු කරවයි. කැමරාවක් නොවැතිව වුව ද පාඨමාලාවට ඇතුළත් විය හැකිමුත් ඉක්මනින් කැමරාවක් අවශ්‍ය වේ.
  8. ඡායාරූප හා අදහස් හුවමාරු කරගැනීම සඳහා සෑම ශිෂ්‍යයෙකුටම ඊමේල් ගිණුමක් තිබිය යුතුය.
  9. කලින් ආසනයක් වෙන්කර ගැනීමට අවශ්‍ය නම්,
    (a) ලංකා බැංකුවේ අංක 0000715776 ගිණුමට R.A.J.P. Hegoda නමට රු. 14,000ක් තැන්පත් කර
    (b) රිසිට්පතේ ඡායා පිටපතක් ගෙන
    (c) එහි පිටුපස නම, ලිපිනය, දුරකතන අංකය ලියා
    (d) ඉහත සඳහන් ලිපිනයට
    (e) ජනවාරි මස 01 වෙනි දිනට පෙර ලැබෙන්නට සලස්වන්න. මුදල් තැන්පත් කළ බව කෙටි පණිවිඩයකින් දන්වන්න.
    (බැංකුවේ මුදල් තැන්පත් කිරීම පමණක් නොසෑහෙන බව සලකන්න.)
  10. පන්ති පැවැත්වෙන ස්ථානය
    38/20, 3 වන පටුමග, බැද්දගාන පාර,
    බැද්දගාන, පිටකෝට්ටේ.
  11. පන්ති පැවැත්වෙන වේලාව – උදේ 8.30 සිට දවල් 12.30 දක්වා.

ඉහත සඳහන් කරුණු 2020 ජනවාරි පාඨමාලාව සඳහා පමණක් අදාළ වේ.